තල් වයින් ප්‍රථම වරට හඳුන්වා දේ

New Day
0


තල් සංවර්ධන මණ්ඩලය විසින් තල් ගෙඩියේ සාරයෙන් ප්‍රණීත තල් වයින් නිෂ්පාදනය ප්‍රථම වරට හඳුන්වාදීමේ උත්සවය පසුගියදා යාපනයේදී පැවැත්විණ.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතාගේ මූලිකත්වයෙන් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේද සහය ඇතිව තල් වයින් නිෂ්පාදනය මෙසේ ආරම්භ කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු අමුත්තන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

එහිදී තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසුවේ තල් වයින් ඉදිරියේදී ලෝකය පුරා ප්‍රචලිත කරමින් විදේශ විනිමය උපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් මීට පෙර හඳුන්වා දුන් තල් අරක්කු සහ තල් රා ද මේ වන විට ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින බවත් ය.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top