ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්

New Day
0

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාවට වැරදිකරු නොවන බවට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කළේය. 

ඒ අනුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත. 

නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඉකුත් 21 වැනිදා ධනුෂ්ක ගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top