අපර්නා සිය දිවි

New Day
0

මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය කියා සිටී.

එරට මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ඇය විසින් ගෙල වැලළාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවයි. 

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත්, එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති බවද වාර්තා වේ.

මිය යන විට ඇය 33 වැනි වියේ පසුවූවාය.

සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් අපර්ණාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාවල සටහන්ව ඇත.

එමෙන්ම පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් ඥාතීන්ගෙන් සහ ඇයගේ සමීපතමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

මලයාලම් සිනමාවේ මෙන්ම මාලයාලම් ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය දක්වා ඇති අපර්ණාගේ හදිසි මරණයෙන් රසිකයින් කම්පනයට පත් ව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top