පාඩු පිට දුවන රූපවාහිනිය, හෙට ගුවන් විදුලියකුත් අරඹයි

New Day
0

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ලෙස අනාවරණය වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හෙට 14 වැනිදා තවත් වෙබ් රේඩියෝවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබීම බොහෝදෙනාගේ හාස්‍යට ලක්ව තිබේ.

එය Ru Radio ලෙස නම් කර ඇති අතර https://rupavahini.lk/ru-radio ඔස්සේ එහි පරික්ෂණ විකාශයට සවන් දිය හැකය.

රූපවාහිනී 42 වන සංවත්සරය යෙදෙන හෙට (පෙබරවාරි 14) Ru Radio නිල විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම වෙබ් රේඩියෝව එහි ප්‍රධානියකුට අයත් පෞද්ගලික තොරතුරු තාක්ෂණික සමාගමක් වන OLAK Technologies (Pvt) Ltd විසින් නිර්මානය කරන ලද්දක් බවද පැවසේ.

මේ පුද්ගලයා මීට පෙර ටෙන්ඩර් කැඳවීමකින් තොරව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාවේ ගුවන් කාලය බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  ලබාදීම සම්බන්ධයෙන්ද චෝදනා ලබා සිටියේය.

එම සිද්ධියෙන් පසු කෙටි කාලයක් ඔහු චීනයට ගොස් විශය භාර අමාත්‍යවරයා ප්‍රශ්නය විසඳාගන්නා තෙක් සැඟව සිටි බවද පැවසේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top