ඉඩම් - නිවාස ගන්න හදිස්සි වෙන්න එපා!; ළඟදිම කුණු කොල්ලයට ගන්න පුලුවන්

New Day
0

ඉදිරි මාස කිහිපය තුළ මෙරට ඉඩම් වෙළෙඳ පොළට විශාල ඉඩම් සැපයුමක් ලැබීමට නියමිත බැවින් මෙරට ඉඩම් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.

ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළෙඳ පොළ ලිහිල් හා විවෘත කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට බිම් අඟලකවත් අයිතියක් නොමැතිව සිටි පවුල් ලක්ෂ 20 කට ඉඩම් ඔප්පු ලබා දීම මඟින් මෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනවසම සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් සියල්ල කෘෂිකර්මාන්ත හා කර්මාන්ත අංශවලට ලබා දීමට ගනු ලැබු කැබිනට් තීරණයත් සමග මෙම තත්ත්වය උදා වන බව ඔවුහු කියා සිටිති.

ඒ අනුව මෙතෙක් ආවෘත වෙළෙඳ පොළක්ව පැවැති ඉඩම් වෙළෙඳාම සංවෘත බවට පත්වීම හරහා මෙම තත්ත්වය ඇතිවන බවද ඔවුහු සඳහන් කරති.

විසි ලක්ෂයක් ජනතාවට විකිණීමට හැකි, උගස් කිරීමට හැකි ඉඩම් ඔප්පු ලැබීම තුළ මෙරට වෙළෙඳ පොළ තුළ ඉඩම් සැපයුම ඉහළ යාම සිදුවන බවද ඔවුන් පෙන්වා දෙති.

එමෙන්ම රාජ්‍ය අංශය සතු ඉඩම් කෘෂිකර්මය හා කර්මාන්ත සඳහා පුද්ගලික අංශයට ලබාදීමෙන් පුද්ගලිකව ඉඩම් මිලට ගැනීමට ජනතාවට තිබෙන අවශ්‍යතාව අඩු වීමක් සිදු වන බවද ඔවුහු අවධාරණය කරති.

ඊට අතිරේකව පසුගිය අය වැය ලේඛනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් විශාල ප්‍රමාණයක හිමිකම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ‘ස්ටේෂන් ප්ලාසා’ (Station Plaza) යෝජනාව යටතේ දුම්රිය කුඩා නගර, නිවාස යෝජනා ක්‍රම, සංචාරක හෝටල්, වෙළෙඳ සංකීර්ණ හා ව්‍යාපාර පරිශ්‍ර සඳහා බදු පදනම යටතේ ලබා දීමට ගත් තීරණය ද ඉඩම් මිල අඩුවීම කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි ද එම ආර්ථික විශේෂඥයෝ සඳහන් කර සිටිති.

මේ තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී නිවාස වෙළඳාම් සමාගම්වලට නිවාස විකුණා ගැනීමට නොහැකිවන තත්ත්වයක් උදාවනු ඇතැයි ද පැවසේ.

එසේම මහල් නිවාසවල අධික මිල ගණන් බිංදුවට වැටෙනු ඇතැයි ද ඔවුහු කියති.

එම තත්ත්වයන් වටහාගත් නිවාස වෙළෙන්ඳන් මේවන විට ඒවා සඳහා නොයෙක් සට කපට යෝජනා ක්‍රම හා මිල අඩු කිරීම් සිදුකරමින් දැන්වීම් දැමීම මේවන විට සිදු කරමින් සිටී.

එවැනි දැන්වීම් කිහිපයක් පහත දැක්වේ.

(මූලාශ්‍රය - සිළුමිණ)






Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top