අරලිය - නිපුන කීරි සම්බා කිලෝ ලක්ෂයක් හැංගුව වංගුවේ ඇමති නලින්ගේ නම ලියවෙයි

New Day
0

නිපුන හා අරලිය හාල් මෝල් වටලා ඇල්ලූ කීරි සම්බා තොගයක් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් වහංකර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් නිපුන සහල් මෝලේ තිබී කීරිසම්බා සහල් මෙට්‍රික්ටොන් තිස්පන්දහසක් සහ අරලිය සහල් මෝලේ තිබී කීරිසම්බා සහල් මෙට්‍රික්ටොන් හැත්තෑදහසක් සොයාගත් බව "වොයිස් ඔෆ් ශ්‍රී ලංකා" වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

රටපුරා කිරිසම්බා සහල් හිගයක් මවා පාමින් මහපරිමාන මෝල් හිමියන් මේවන විට පාලන මිල ඉක්මවා වැඩිමිලට කීරිසම්බා සහල් විකිණීම මේවන විට ප්‍රසිද්ධ රහසකි.

කීරි සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 280ක් ලෙස සටහන් කර ඇතත් අදාළ සහල් මෝල් දෙක ඇතුළු බොහොමයක් කීරි සම්බා රහසිගතව කිලෝග්‍රෑමයක් රුපියල් 350ක තොග මිලකට විකිණීම සිදු කරනු ලබන බවට චෝදනා එල්ලවී ඇත.

නිපුන සහල් අයත්වන්නේ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට වන අතර අරලිය සහල් අයත්  වන්නේ ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාටය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top