ලංකාවට ආ උගන්ඩා ක්‍රිකට් පිලේ පළමු තරගය අද ගාලලේදී

New Day
0
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් හා පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 පුහුණු තරගය අද (12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීම සඳහා පසුගිය 10 වැනිදා  පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
 
ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි උගන්ඩා පිලට ඇතුළත් වෙති.

ඒ් අනුව ඔවුන් දින 14ක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය.

පුහුණු තරග සියල්ල  අද 12 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම්කර කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top