එඩ්වඩ්ස්ලාගේ මනි ලොන්ඩ්‍රිය ගැන CIDයට පැමිණිල්ලක්

New Day
0

නුවරඑළිය තුරඟ තරග නැත්නම් අශ්ව රේස් යනු රියෙන්සි හා පූර්ණි එඩ්වඩ්ස්ලාගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නයි ඉල්ලා මගෙන් රටට සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සැලැසුම් කර තිබේ.

එහි සභාපති සංජය මහවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ තුරඟ තරග පවතින්නේ ද එඩ්වඩ් ස්ටේබල්ස් හා ජයරත්න ස්ටේබල්ස් අසුන් අතර පමණක් බවයි.

එසේම එහි පවතින තරගවලදී එක් තරගයක දැකගත හැකිවන්නේ අසුන් දෙතුන් දෙනෙක් පමණක් බවද NewDay කළ සොයා බැලීමකදී හෙළිවිය.

මෙහි තරග පැවැත්වෙන්නේ ද වසරකට දෙතුන් පාරකි.

එම තරග පැවැත්වීමට සුගතදාස අධිකාරියට අයත් නුවරඑළියෙ රේස් කෝස් එක එඩ්වඩ්ස්ලාගේ නාමික රෝයල් ටර්ෆ් ක්ලබ් එක විසින් අවුරුදු ගානකට සුළු මුදලකට බදුගෙන තිබීම ද විශේෂිතය. 

තමන්ගේ අස්සයො කීප දෙනෙක් වෙනත් අයගේ නමින් තරග කරවන දියවඩන නිලමේ කෙනෙකුත් මේ ටර්ෆ් ක්ලබ් කමිටුවේ සිටීම ද තවත් විශේෂ සිද්ධියකි.

එහි සභාපති නීතිඥ පන්ඩුක කීර්තිනන්ද නැමැත්තෙකි.

ඔහු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දුගෙ නීති උපදේශකයා වීම ද තවත් විශ‍ේෂ කරුණකි.

මෙය නමට රෝයල් වුවද, අදාළ ක්‍රීඩා සමාජය සම්පූර්ණයෙන්ම හසුරුවන්නෙ එඩ්වඩ්ස්ලා විසින් බව ප්‍රසිද්ධ රහසකි.

මුදල් විශුද්ධිකරණය යටතේ මොවුන්ට එරෙහිව නඩු කීපයක්ම තිබෙන අතර මේ ජෝඩුව එක් නඩුවකදි සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරද තිබිණි.

ඒ නඩුවට අනුව ඔවුන් දැනට සිටින්නේ ඇපමතය. 

ඇමරිකාවේ නඩුවකදි ඩොලර් කෝටි ගාණක් කළු සල්ලි සුදු කිරීමට රියෙන්සි එඩ්වඩ්ස් වරදකරුවකුව සිටින බවද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.

අදටත් ඇමරිකාවට ගියොත් මොහුව අත් අඩංගුවට ගෙන සිර ගත කිරීමට නියමිතය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top