ලංකාවේ ක්‍රිකට් තහනම නිමයි

New Day
0

ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ තහනම වාහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

තහනම පැනවූ දිනයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව එම නිවේදනය නිකුත් කිරීමට පැය භායගයකට පමණ පෙර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද X පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියේය. 

තහනම ඉවත් කිරීම පිළිබඳ අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඉතා ඉක්මනින් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම් සහ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මෙන්ම එහි පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇතිබව සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේ නොවැම්බර් මස 10 වැනිදා අන්තර් ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තහනම පැනවීය.

පසුව එම තහනමට අදාල කොන්දේසි පිළිබඳව දැනුවත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාව කියා සිටියේ මෙම තහනම පැවතියද, ශ්‍රී ලංකාවට අනත්ර් ජාතික තරග සඳහා සහභාගිවීමට කිසිදු අවහිරයක් නොමැති බවය. 

එහෙත් තහනම පවතින තෙක් අන්තර් ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තාවකාලිකව නතර කරන බවද එම සභාව දැනුම් දීතිබිණ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top