වැස්සත් එක්ක එන වෛරස්

New Day
0


පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු, ඉන්ප්ලුවන්සා, සහ වෛරස් රෝග ගණනාවක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග විශේෂඥ චන්න ද සිල්වා  සඳහන් කරයි.

කොවිඩ්කාලයේ අනුගමනය කළ සෞඛ්‍ය පුරුදුවලට යොමුවීමෙන් වෛරස් රෝග ගණනාවකින් ආරක්ෂා විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

දැනට පැතිර යන වෛරස් කාණ්ඩයන් කොවිඩ් වෛරස් කාණ්ඩයන්ද යන්න පිලිබඳව තහවුරු කර ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මක නොවන බැවින් එය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයිද හෙතෙම පවසා සිටියි.

දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරික්ෂාවක් කර ගන්නා ලෙසත් පැරසිටමෝල් හැරුණු කොට වෙනත් ඖෂධ වර්ගයන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මිස ලබා නොගන්නා ලෙසත් විශේෂඥවරයා ඉල්ලීමක් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top