බාල ඩීසල් තොගයක් ජනතාවට බෙදන්න හදන IOC

New Day
0


Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව කොළඹ වරාය වෙත රැගෙන ආ ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වී තිබියදී එම ඩීසල් කොළොන්නාවේ සිට පරිභෝජනය සඳහා බෙදා හැරීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

''Fos Power" නෞකාවේ 1p, 1S, 3P, 3S, 5P, 5S ටැංකිවලින් ගොඩබා ඇති ඩීසල්වල සාම්පල පරීක්ෂාවේදී මේ බව හෙළිිවී ඇත.

ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීම පරිදි LIOC/2023/07 දරන මෙම පරීක්ෂණ වාර්තාව මුලින්ම ගෙන ඇත්තේ පෙරේදා (05) ය.

ඉන්පසුව ඊයේ (06) ගත් පරීක්ෂනාගාර වාර්තාවත්, තත්ත්වයෙන් බාල බවට ලැබී ඇතත් එම තෙල් බෙදාහැරීමට තීරණය කර ඇතැයි පැවසේ.

ටොන් හතළිස් දහසක් රැගත් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට ඔක්තෝබර් 30 පිටත් වී ඇති අතර කොළඹ වරායට සේන්දු වී ඇත්තේ නොවැම්බර් 05 දාය.

අරුණ

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top