සිරිපා කරුණාව ලබන මස සිට..

New Day
0


එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සාමය ආරම්භ වීමට නියමිතව ඇත.

ඊයේ (09) නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

මෙහිදී ශ්‍රී පාද වන්දනාව සැන්දෑ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී පරිසරයට හානිකර පොලිතීන්, ප්ලාස්ටික් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙස එම සාකච්ඡාවට එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top