ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත ගැන හෙළිදරව්වක්

New Day
0

 


‘වෙරිටේ රිසර්ච්’ සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලය අනුව ඉකුත් ජුනි මාසයේදී 21%ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ වූ ජනතා අනුමැතිය ඉකුත් ඔක්තෝබර් මාසය වනවිට 9%ක් දක්වා පහත වැටී ඇතැයි අනාවරණය වී ඇත.

2023 ජුනි මාසයේදී 12% ක්ව පැවැති රටේ වැඩ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතා තෘප්තිය ද, හරි අඩකින් එනම් 6% දක්වා පහත වැටී ඇති බවත් මෙම සමීක්‍ෂණයයෙන් හෙළිවී ඇත.

ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ජුනි මාසයේ සෘණ (-) 44ක්ව පැවැති අතර එය අද වනවිට සෘණ (-) 62දක්වා පහත වැටී ඇත.

රට හිතන හැටි’ මත විමසුම වසරකට තුන් වතාවක් පවත්වනු ලබන අතර, එය දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත මදනම් වේ. සමීක්‍ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආහිතය 3%ට වඩා අඩු මට්ටමක පැවතෙන පරිදිය.

වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ඔබ අනුමත කරනවාද නැද්ද? යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා ඇති 9%ක ප්‍රමාණයක්, එය අනුමත කරන බව පවසා ඇත. (වැරදි අහිතය -ූ 1.93 සහිතව) තවද 7%ක් කියා ඇත්තේ ඔවුන්ට ඒ ගැන මතයක් නොමැති බවයි. මෙම වත්මන් අගය 2022 ජනවාරි සහ ඔක්තෝබර් මාසවල මෙන්ම 2023 පෙබරවාරි මාසවල පැවැති 10% අගයට ආසන්න අගයක් පිළිබිඹු කරයි.

පොදුවේ ගත් විට මේ මොහොතේ ශ්‍රී ලංකාවේදී දේවල් සිදුවෙන ආකාරය ගැන සෑහීමකට පත්වනවාද? නැතිද?” යන ප්‍රශ්නයට, සෑහීමකට පත්වන බව පවසා ඇත්තේ 6%කි.) වැරදි ආහිතය -ූ 1.66%ක් සහිතව) මෙම අගය 2023 පෙබරවාරි මාසයේදී 4%ක් තරම් අඩු මට්ටමක පැවැතිණි.

එහෙත් එය ඉකුත් 2022 වසරේ පැවැති ‘විශ්වාසය’ ගැන සලකන විට තරමක යහපත් තත්ත්වයක් බව  සඳහන් ය.

දිවයින

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top