භාණ්ඩ වර්ග 30ක් VAT බද්දෙන් නිදහස්

New Day
0


ජනවාරි මාසයේ සිට භාණ්ඩ වර්ග තිහක් වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ ආකාරයට වැට් බද්දෙන් නිදහස් කිරීමට සැලසුම් කර ඇත්තේ...

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවිපළ භාවිත කරන ආහාර වර්ග, සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ තිහකි.

මේ වන විට භාණ්ඩ වර්ග 170කට අයකරන වැට් බද්ද 15%කි.

ලබන වසරේ සිට ආණ්ඩුව වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

විදුලි බිලට වැට් බදු අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

ඉන්ධන, සෞඛ්‍යය ඇතුළු භාණ්ඩ වර්ග රැසකට ජනවාරි මාසයේ සිට වැට් බදු අය කරන බව සමඟි ජන බල​වේගයේ මන්ත්‍රි හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top