සා.පෙ. 10 ශ්‍රේණියට

New Day
0


11 ශ්‍රේණියේ ඇති සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියට ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

ඒ තුළින් දරුවන්ට අවුරුදු 15 දී සාමාන්‍ය පෙළ ලියන අතර 17 දී උසස් පෙළ විභාගය ලිවීමට හැකියාව ලැබෙන බවද  අමාත්‍යවරයා ​සඳහන් කළේය.

අද (22) පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

එසේම අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවත් ඒ අනුව පෙරපාසල් පාලිකාවන් සඳහා සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා පාඨමාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඒවා සම්පූර්ණ කර ගැනීමට යම් කාලයක් ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ​සඳහන් කළේය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top