හරක්කටා මුදාගන්න ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක්

New Day
0


කමාන්ඩෝ නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් විසින් කමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් ඇතැයි අද (24) අනාවරණය විය.

එවැනි මුදාගැනීමේ සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය. 

ඊට සම්බන්ධ හිටපු කමාන්ඩෝ භටයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

මෙම මුදාගැනීමේ සූදානම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top