ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් තහනමට..

New Day
0


අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටි කාලින ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10 ක් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තහනම් කර තිබේ. 

ඒ අනුව එක් වරක් භාවිතයට ගන්නා  ප්ලාස්ටික් ගෑරුප්පු, හැඳි, පිඟන්, කෝප්ප, ඉඳිආප්ප වට්ටි, බීම බට සහ මල් මාලා ඇතුළු ප්ලාස්ටික් භාණ්ඩ වර්ග මෙලෙස තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අජිත් වීරසුන්දර මහතා සඳහන් කරයි.

ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙම ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව මෙම නීතිය කඩකරන පුද්ගලයින් සොයා අද  සිට වැටලීම් ක්‍රියාත්මක බව අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කරයි

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top