ඇෆ්ගනිස්ථානයට කඩුලු 7 ක ජයක්

New Day
0


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මූලික වටයේ 30 වන තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගන්නා ලදී

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 46 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 29 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi කඩුලු 4 ක් හා Mujeeb Ur Rahman කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 46 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කලේය.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmat Shah 62 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Hashmatullah Shahidi ලකුණු 57 ක් හා Azmatullah Omarzai ලකුණු 72 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top