නිලූක කරුණාරත්න ජාත්‍යන්තර බැඩ්මින් පිටියෙන් සමුගනී..

New Day
0


ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) මූලස්ථානයේ පැවති සංසදයක දී අද (01)  නිවේදනය කර තිබේ.

නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළේය.

වසර 22කට ආසන්න කාලයක් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා පිටියේ රැදී සිටි ඔහු සිය මංගල තරගයට සහභාගිවූයේ පහලොස් හැවිරිදි වියේදීය.ඒ් 2000 වසරේ ඉන්දුනීසියාවේ ජාර්තා හි පැවැති ආසියානු බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට ඒක්වෙමිනි.

එසේම ඔහු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකා නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් විය.

ඔහු සිය සමුගැනීම සම්බන්ධයෙන් කළ නිවේදනය පහත දැක්වේ.





Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top