ඇමති චානකගේ මාමණ්ඩිට වෙඩි තියල

New Day
0

රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය වන ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක් පවත්වා ගෙන යන 50 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාට ඊයේ (23) රාත්‍රියේ වෙඩිතබා ඝාතනය කර තිබේ.

මෙන්ඩිස් මහතා සිය මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේදී මෛ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහු සිය නිවස බලා යමින් සිටියදීය.

මේ ව්‍යාපාරිකයා ඝාතනයට ඝාතකයින් විසින් ටි 56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් එල්ලකර ඇති අතර වෙඩි උණ්ඩ 15කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරට ඇතුළු වී ඇති බවත් ඔහු රියදුරු අසුනේම මියගොස් ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top