සචිත්‍රට හතිය එත් හොස්පිට්ල් යවල නැහැ

New Day
0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඊයේ (07) ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර බලධාරීන් ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට අවධානය යොමු කළ ද මේ දිනවල කොළඹ බන්ධනාගාර කීපයක පැතිර යන සරම්ප රෝගයට සමාන උණ තත්ත්වයකින් රෝගී වූ සිරකරුවන් එහි සිටින බැවින් සචිත්‍ර සේනානායකව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේම රඳවා තැබීමට පසුව එම බලධාරීන් තීරණය කර ඇතැයි පැවසේ.

කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ 'M'  වාට්ටුවේ ඊයේ (07) වන විට රඳවා සිටි සචිත්‍ර සේනානායකගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පැමිණි බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ‌මෙසේ බන්ධනාගාරගත කෙරුණි. 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top