දිල්ලියේ වායු දූෂණය මැඩලීමට පියවර..

New Day
0


සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වන ආකාරයෙන් වායු දූෂණය ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරය තුළ වායු දූෂණය මැඬලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය විසින් තීරණය කර තිබේ.

මේ යටතේ මෙම වායු දූෂණය මැඬලීමේ සතිය ක්‍රියාත්මක වන නොවැම්බර් 13 සිට 20 දක්වා කාලයේදී දිල්ලි නගරයේ වෙසෙන රජයේ සේවකයන්ගෙන් සියයට 50කට නිවසේ සිට වැඩකිරීමට උපදෙස් ලබා දී ඇති බව ඉන්දීය පරිසර ඇමැති ගෝපාල් රායි පවසයි.

මේ වනවිට එහි වායුගෝලයේ පවතින අහිතකර අංශු මට්ටම පැවතිය යුතු අගය මෙන්ගු පන්සීය ගුණයක් ඉක්මවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් විදුලි වාහනවලට පමණක් මාර්ගවල ගමන් කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය වී ඇති අතර නගරයේ ප්‍රථමික පාසල් ලබන 10 වන දින දක්වා වසා දැමීමට ද බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

අහිතකර කාලගුණික තත්ත්වයන්, වාහන දුම්, ගොවීන් විසින් පිදුරු ගිනි තැබීම හා ඉහළ රතිඤ්ඤා භාවිතය වැනි කරුණු හේතුවෙන් සෑම වසරකම නවදිල්ලි අගනුවර ශීත ඍතුවේදී එහි වායු දූෂණ මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top