ගාසා තීරයේ මරණ 10,000 ඉක්මවයි.

New Day
0


ඔක්තෝබර් 07දා සිට මේ දක්වා සටන් ඇවිලුනු ගාසා තීරයෙන් මේ වන විට වාර්තා වන මරණ ගණන 10,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම කාලය තුළදී බටහිර ඉවුර ප්‍රදේශයෙන් මරණ 152ක්ද, ඊශ්‍රායලයෙන් මරණ 1,400කට වැඩි ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පලස්තීනයේ නියෝජිත – රියාද් මන්සූර් මහතා පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද “අපරාධ” සඳහා වගවිය යුතු බවයි. තවද, එක්සත් ජාතීන්ගේ සංවිධායනය විසින් ඉල්ලා සිටින සටන් විරාමය අවහිර කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට ඔහු දොස් පවරා ඇත.

මේ අතර, ගාසා තීරයේ Al-Quds රෝහලයේ ඉන්ධන තොග පැය 48ක් තුළ අවසන් වනු ඇති බව පවසන Red Crescent සංවිධානය, වහාම සහය ඉල්ලා ඇත. ගාසා තීරයේ Al-Awda රෝහලද, හෙට දිනය වන විට එවැනිම ඛේදනීය තත්ත්වයක් උදා වනු ඇති බවට අනතුරු අඟවා ඇත.

සටන් විරාමයකට අවතීර්ණ වන ලෙස යළිත් ඉල්ලමින් ජගත් සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසා ඇත්තේ ගාසා තීරයේ දරුවන්ට සුසාන භූමියක් බවට පත්ව ඇති බවයි.

තවද, හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සන්නද්ධ කණ්ඩායම්වලට ආයුධ සම්බාධක පනවන ලෙසයි.

Sri Lanka Mirror

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top