වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්

New Day
0


සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ලෙස සංශෝධනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සියලුම රෝහල් සහ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ, සියලුම පරිපාලන ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ මෙතෙක් පැවැති විශ්‍රාම වයසේ වෙනසක් සිදු වේ.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 2024.07.01 දිනැතිව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඒ බව දැනුම් දී ඇතැයි ද එම ලිපියේ සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top