ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ සජීවී විවාදයක් ලබන 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මාර්තු 12 ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක
සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක
නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක
දිලිත් ජයවීර, ස්වාධීන අපේක්ෂක පී. අරියනේත්තිරන් යන
මහත්වරුන් පළමු දින විවාදය සඳහා සහභාගි වීමට නියමිතය.
කෙසේවුවත්, ස්වාධීන අපේක්ෂක ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා මෙම විවාදයට සහභාගි වීමට නොහැකි බව එම සංවිධානයට දැනුම දී
තිබේ.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර
දිසානායක මහතාගේ සහභාගිත්වය සනාථ කිරීමට නියමිතව ඇත.
මෙම විවාදයේ දෙවන හා තෙවන අදියර 8 හා 9
දිනවලදී අපේක්ෂකයන් 12 දෙනෙකු සහභාගීත්වයෙන් පැවැත්වීමට
නියමිතය.
විවාදයේදී අපේක්ෂකයන්ගෙන් ඇසිය යුතු
ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඡන්දදායකයන්ට අවස්ථාව සලසා දී ඇති අතර එහිදී ඇසිය යුතු ප්‍රශ්න
තීරණය කිරීම කමිටුවක් මගින් සිදු කෙරෙන බව මාර්තු 12 ව්‍යාපාරය
සඳහන් කරයි.