ගතවූ මාස අට තුළදී කඳුකර කොටියන් හය දෙනකු මදුවලට හසුවී මියගොස් ඇතැයි වනජීවි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ දඩයම්කරුවන් විසින් අටවනු ලබන මදුවලට හසු වන කඳුකර කොටියන් මියයාමට ප්‍රධාන හේතුව නිසි වේලාවට මද්දෙන් මුදා ගැනීමට කටයුතු නොකිරීම බවද පැවසේ.
කඳුකර කොටියකු මන්දකට හසු වු විට ඒ පිළිබඳව රණ්දෙණිගල, උඩවලව, බෙල්ලන්විල අත්තිඩිය, ගිරිතලේ, අම්පාර, කුරුණෑගල පණ්ඩුලගම යන වනජිවි පශු වෛද්‍ය රෝහල්වල සේවය කරන පශු වෛද්‍යවරයකුගේ සහය ලබා ගැනීමට සිදු වන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයට ආසන්නතම පශු වෛද්‍යවරයා සිටින්නේ රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ බවත් වනජීවි නිලධාරීහූ සඳහන් කරති.
නල්ලතන්නිය, නුවරඑළිය ඇතුළු දිවයිනේ බොහෝ ස්ථානවල ස්ථාපනය කර ඇති වනජීවි කාර්යාලයවල මදුවලට හසුවන කඳුකර කොටියන් ඇතුළු වන සතුන් නිර්වින්දනය කිරීම සඳහා පශු වෛද්‍යවරුන් විසින් වන අඩවි ආරක්ෂක නිලධාරින්ට අවශ්‍ය නිර්වින්දන ඖෂධ ලබා නොදෙන බවද පැවැසේ.
පශු වෛද්‍ය නියාමන අධිකාරියේ පනතට අනුව පශු වෛද්‍යවරයකු හැර නිර්වින්දනය සඳහා භාවිත කරනු ලබන ඖෂධ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට නොහැකි නිසා මේ තත්ත්වය ඇතිව ඇතැයි පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා කියා සිටී.
මේ අතර, මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කදුකර කොටියකු මද්දක් සමග අලිගැටපේර ගසක පාමුල සිර වි සිට නල්ල තන්ති වනජීවී කාර්යාල නිලධාරීන් පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් මිය ගිය බවට මේවන විට දැඩි දෝෂාරෝපනයක් එල්ලවී තිබේ.
එසේ මද්දකට හිරව සිටි කඳුකර කොටියා පිළිබඳ අපවෙත ලැබුණු වීඩියෝවක් පහත දැක්වේ.
(සංවේදී අය නැරඹීමෙන් වලකින්න..)