IPL වෙන්දේසිය ඇරඹේ...

New Day
0


2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඩුබායිහිදී පැවැත්වෙයි.

ඉතිහාසය වෙනස් කරමින් ඉන්දීය රු. කෝටි 20.50කට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ව මිලදී ගැනීමට සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම පියවර ගෙන තිබිණි.

මෙම තරගාවලි ඉතිහාසය පුරා මෙතෙක් ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම ලංසුව ලෙස මෙය වාර්තා වෙයි.

මීට පෙර මෙම වාර්තාව හිමි කරගෙන සිටියේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්ය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව ද සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.

ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය. (රුපියල් කෝටි 1.5)

මෙතෙක් විකිණුනු ක්‍රීඩකයින් අතරින් බටහිර ඉන්දීය කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක, රොවුමන් පවෙල් ඩොලර් 890,000කට රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

එසේම එංගලන්ත ක්‍රීඩක හැරී බෘෘක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 480,000කට මිල දී ගත්තේය.ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.

මීට අමතරව,

රචින් රවින්ද්‍රා - චෙන්නයි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 217,000යි.

ශාඩුල් තකූර් - චෙන්නායි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 482,000

අස්මතුල්ලා ඔමර්සායි - ගුජරාට් ටයිටන්ස් - අමෙරිකානු ඩොලර් 60,000

ජෙරල්ඩ් කොඑට්සී - මුම්බායි ඉන්දියන්ස් - අමෙරිකානු ඩොලර් 602,000

හර්ෂාල් පටෙල් - පන්ජාබ් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 1,412,000

ඩැරිල් මිචෙල් - චෙන්නායි සුපර් කිංග්ස් - අමෙරිකානු ඩොලර් 1,687,000

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top