ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

New Day
0


දිවයිනට බලපා ඇති අධික වැසි සමඟ රට පුරා ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්වයක් දක්වා වර්ධනය වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ පවතින තත්වය සැළකිල්ලට ගෙන මේ වනවිට අධි අවදානම් කලාප 45ක් නම් කර ඇති බවයි.

වසරක් තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ දහසක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය 34,645ක් ලෙසට වාර්තා වේ.

පාසල් ළමයින් 25%ක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.

(Hiru News)


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top